Sunday, November 8, 2009


කරත්ත කවි

ඈත අතීතයේ ගමන් බිමන් යාම සඳහාත් ,වෙළදාම් කිරීම සඳහාත් ,මංගල අවස්ථා වලදීත් , ගමන් කිරීම සඳහා යොදා ගත්තේ
කරත්තයයි.
දුර කතර ගෙවා ගමන් යන ගැමියන්ගේ වෙහෙස මහන්සිය
හා කාන්සිය නිවා ගත්තේ කවි කීමෙනි.මෙසේ කවි කියමින් යන විට දුර
නොදැනීම ගෙවී යයි.එමෙන්ම සිතට සතුටක්ද දැනේ.මෙසේ කරත්ත වලින්
ගමන් යාමේදී කියන ලද කවි කරත්ත කවි වේ.





කන්නේ කටට රස හින්දයි බුලත් මම
බොන්නේ සුරුට්ටුව සීතල යන්න තම
කන්නේ රෑ කඩෙන් නැවතී අලුත් ගම
යන්නේ වන්දනාවේ අපි කතර ගම

කලුගල් තලාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර ගෙවෙන්නේ
ගොනා දුකිනි බරබාගය අදින්නේ
කිරි ගල් පොත්ත කන්දයි මේ අදින්නේ

අම්බලං පෝරු පිට සිටිනා ලදුනේ
රංසලං ලෙසට ගෝමර පිට දිලුනේ
මංබොලං එහෙම දේකට නැත අගුනේ
රංදොඹෙං පිටත් වෙනකොට හඳ මුදුනේ

No comments:

Post a Comment