
ඔරු පාරු කවි
අද කාලයේ මෙන් නොව එදා පුරාණ කාලයේ මිනිසුන්
ගමන් බිමන් ගියේත් ,ගම් නිර්මාණය කරගෙන තිබුනේත් වැව් ,ගංගා
ආශ්‍රිතවය. අද මෙන් වැව් ,ගංගා වලින් එගොඩ මෙගොඩ වීමට පාලම්
නොතිබුණි.ඒනිසා , ඔවුන් ගමන් කලේ ඔරු හා පාරු වලිනි.මේවායින්
ගමන් කරනවිට එම ගමනාන්තය තවත් රසවත් වීමට ,වෙහෙස මහන්සිය,
පාලුව නිවා ගැනීමට කියන ලද කවි ඔරු පාරු කවි ලෙස හැඳින්වේ.
සූරිය උදාවන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු ජලයේ සෙලවිල්ල
මාරුව බල බලා හිතයට කැරකිල්ල
කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල
ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාදු කාර දී ඔරුවක නැඟී වරෙන්
මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා
No comments:
Post a Comment