Sunday, November 8, 2009

එමෙන්ම ,රසවත් කවි නිර්මාණය කර ගායනා කිරීම අන්දරේ ,
ගජමන් නෝනා ,රංවාගොඩ ළමයා ,හරණ ගණිත‍ාචාර්ය අද ජන කවි
අතරට එකතු වි තිබේ.
දොම්නස ,සොම්නස මෙන්ම ස්වාභාවික
සෞන්දර්යය චමත්කාරය කැටි වූ තැන්වලදී සිතට ආ වේදනාබර හැඟීම්ද
සිවුපද ලෙස හඩගා ප්‍රකාශ කරන ලද මෙම කලාත්මක රසවත් පද ගැමියාගේ නිර්මාණ ශක්තිය මනාව පිළිඹිබු කරයි.

කල්යත්ම තාක්ෂණයේ දියුණුවත් සමඟම මෙම ජන කවි දුරස්
වෙන්නට පටන් ගෙන ඇත.එහෙත් ,අපේ සැඟවී යන මේ පැරණි ජන කවි
යලිත් ඉදිරියට ගත යුතුය.

‍ෙපෟඩ ඉතිහාසයක් ඇති අපෙග් සංස්කෘතියේ ඇති වටිනා කාලාංගයක් වන මෙම සිංහල ජන කවි ඉදිරි පරපුරටත් දායාද කොට
තැබීමට අදිටන් කර ගනිමු.
සේ ගී

රෑ රුසේ අදිනා ලෙසේ අත්ලෙල දිදී විදිලිය පබා
රන්රසේ එක්වන ලෙසේ වෙන නාද නූපා තබ තබා
කම්පසේ දෙන සර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
මම් කෙසේ පවසම් මෙසේ වර සුර ලඳුන් දුන් රඟ සුබා
දරු නැළවිලි ගී

ඈත අතීතයේ මවුවරු ලයාන්විත ස්වරයෙන් බුදුගුණ
ගායනා කරමින්තොටිල්ලේ තම දරුවා නැළවීම කරයි.

එම ලයාන්විත හඩට සවන් යොමු කරන දරුවන් අද දරුවන් මෙන්
නොව සුවසේ නිදන්නටත් ,මවගේ ආශිර්වාදය හේතුවෙන් සමාජයේ හොඳ
පුරවැසියන් ලෙසින් ජීවත් වීමටත් පුරුදු වූහ.මෙසේ ගායනා කල ගී ,දරු
නැළවිලි ගී වේ.

බුද්ධං සැණයි පුතාට
ධම්මං සරණයි පුතාට
සංඟං සරණයි පුතාට
මේ තුන් සරණයි පුතාට

සමනල මහ කදු මුදුනේ
බුදු සිරිපා බබ ලන්නේ
ඒ සිරිපා සර ණින්නේ
මගේ පුතා නිදි යන්නේ

දුවේ නු‍ෙඕ ලොකු අම්මා
අතේ වලල්ලක් දැම්මා
නැතේ අගය එහි නිම්මා
දුවේ මගේ නිදි යම්මා
ඔන්චිලි වාරම් ගී

සිංහල අවුරුදු කාලයේ ඔංචිලි පැදීමේ ක්‍රීඩාව ඉතා
ජනප්‍රිය කාර්යයකි.බාල මහලු තරුණ කවුරුත් මෙම කවි ගායනා කරමින්
මෙම ජනප්‍රිය ක්‍රීඩාව කරනු ලබයි.මෙසේ ගායනා කරන ගී ඔන්චිලි වාරම්
ගී ලෙස හැදින්වේ.

ඔන්චිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්න බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ

පදිනා කල විත් වැල් ඔංචිල්ලා
අඳිනා වත තද කර ඇදගල්ලා
පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ල‍ා
සොඳිනා ගී කියමින් පැදපල්ලා
නෙළුම් කවි

අතීතයේ සිටි කාන්තාවන් විසින් කුඹුරු වලට බැස වල්
නෙලීම කරනු ලබයි. ඔවුන්ගේ පාලුව ,කාන්සිය ,විඩාව නිවා ගැනීම මෙන්ම විනෝදය උදෙසාද ගායනා කල කවි නෙළුම් කවි වේ.

සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත්දුරු කර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹුරට

උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා


කුරහන් කවි

වී ගොවිතැන ප්‍රධාන කොට ගත් එදා ජන සමාජයේ
ගොවියන්ගේ අමතර දෙවන වගාව වුයේ කුරක්කන් වගාවයි.එම කුරක්කන්
වගා කටයුතු මෙන්ම නෙලීමේදී ඔවුන් විසින් ගායනා කල කවි කුරක්කන්
කවි වේ.




දුරුතු මහේදී කැළයට වැදිලා
මසක් පමණ කල්කැල වල් කොටාලා
මැදින් දිනේදී වල් ගිනි තබාලා
කුරහන් ඉසිමුව කළුවර බලාලා



හේනේ පැලේ ම‍ා විඳිනා සුරුක්කන්
ඌරෝඇවිත් වට පිට කරති සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්
අපොයි මගේ කිරි වදිනා කුරක්කන්

පිණිබර කුරක්කන් කිරි වදිනා වේලේ
ඉණිවැට කඩා එති ඌරෝ රෑ කාලේ
මිණි කිංකිණි හඩ පරයයි උගෙ කාලේ
වැනි වැනි කියා ඇදපන් සී පද කාලේ
ගොයම් කවි

කෙතේ ගොයම් පැසෙන විට සුරපුර සිහියට නැගෙන
ගොවියා ,ඉදිරිපස සුරඟනන්ද මැවී පෙනේ.අස්වනු නෙලීම ,එකතු කීරීම
ආදී කටයුතු වැඩි වශයෙන් ඉටුවන්නේ ගෙවිලියන්ගේ දෑතිනි.කඩිසර ලෙස
ගොයම් නෙළන ගෙවිලියන්ගේ විලාශය සුරඟනන්ද මතකයට ගැනීමට
සමත්ය.තවද,ඔවුන්ගේ විඩාව ,මහන්සිය නිවා ගැනීමටද මෙසෙ‍් කියන
ලද කවි ගොයම් කවි වේ.

වරුණ ඉතා රණ ගිරවියො සේමයි
ගමන ලතා හස දේනුන් සේමයි
බරණ ගොතා රණ මයුරන් සේමයි
කරන කතා බන කිඳුරියෝ සේමයි

උඩින් සිටින හිරු දෙවියෝ සෙවන කරා
බිමින් සිටින මිහිකත දෙවි තලස දරා
වටින් සිටින හැම දෙවියෝ අරක් කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා

වැවේ යන්ට බැරි මැණිකේ වැව බොර වෙනවා
මලේ යන්ට බැරි මැණිකේ රේණු තැලෙනවා

කවි කියලම දැන් මැණිකේ උගුර රිදෙනවා

ගලේ යන්ට බැරි මැණිකේ විලුඹ රිදෙනවා
කවි කියලම දැන් මැණිකේ උගුර රිදෙනවා