Sunday, November 8, 2009

එමෙන්ම ,රසවත් කවි නිර්මාණය කර ගායනා කිරීම අන්දරේ ,
ගජමන් නෝනා ,රංවාගොඩ ළමයා ,හරණ ගණිත‍ාචාර්ය අද ජන කවි
අතරට එකතු වි තිබේ.
දොම්නස ,සොම්නස මෙන්ම ස්වාභාවික
සෞන්දර්යය චමත්කාරය කැටි වූ තැන්වලදී සිතට ආ වේදනාබර හැඟීම්ද
සිවුපද ලෙස හඩගා ප්‍රකාශ කරන ලද මෙම කලාත්මක රසවත් පද ගැමියාගේ නිර්මාණ ශක්තිය මනාව පිළිඹිබු කරයි.

කල්යත්ම තාක්ෂණයේ දියුණුවත් සමඟම මෙම ජන කවි දුරස්
වෙන්නට පටන් ගෙන ඇත.එහෙත් ,අපේ සැඟවී යන මේ පැරණි ජන කවි
යලිත් ඉදිරියට ගත යුතුය.

‍ෙපෟඩ ඉතිහාසයක් ඇති අපෙග් සංස්කෘතියේ ඇති වටිනා කාලාංගයක් වන මෙම සිංහල ජන කවි ඉදිරි පරපුරටත් දායාද කොට
තැබීමට අදිටන් කර ගනිමු.
සේ ගී

රෑ රුසේ අදිනා ලෙසේ අත්ලෙල දිදී විදිලිය පබා
රන්රසේ එක්වන ලෙසේ වෙන නාද නූපා තබ තබා
කම්පසේ දෙන සර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
මම් කෙසේ පවසම් මෙසේ වර සුර ලඳුන් දුන් රඟ සුබා
දරු නැළවිලි ගී

ඈත අතීතයේ මවුවරු ලයාන්විත ස්වරයෙන් බුදුගුණ
ගායනා කරමින්තොටිල්ලේ තම දරුවා නැළවීම කරයි.

එම ලයාන්විත හඩට සවන් යොමු කරන දරුවන් අද දරුවන් මෙන්
නොව සුවසේ නිදන්නටත් ,මවගේ ආශිර්වාදය හේතුවෙන් සමාජයේ හොඳ
පුරවැසියන් ලෙසින් ජීවත් වීමටත් පුරුදු වූහ.මෙසේ ගායනා කල ගී ,දරු
නැළවිලි ගී වේ.

බුද්ධං සැණයි පුතාට
ධම්මං සරණයි පුතාට
සංඟං සරණයි පුතාට
මේ තුන් සරණයි පුතාට

සමනල මහ කදු මුදුනේ
බුදු සිරිපා බබ ලන්නේ
ඒ සිරිපා සර ණින්නේ
මගේ පුතා නිදි යන්නේ

දුවේ නු‍ෙඕ ලොකු අම්මා
අතේ වලල්ලක් දැම්මා
නැතේ අගය එහි නිම්මා
දුවේ මගේ නිදි යම්මා
ඔන්චිලි වාරම් ගී

සිංහල අවුරුදු කාලයේ ඔංචිලි පැදීමේ ක්‍රීඩාව ඉතා
ජනප්‍රිය කාර්යයකි.බාල මහලු තරුණ කවුරුත් මෙම කවි ගායනා කරමින්
මෙම ජනප්‍රිය ක්‍රීඩාව කරනු ලබයි.මෙසේ ගායනා කරන ගී ඔන්චිලි වාරම්
ගී ලෙස හැදින්වේ.

ඔන්චිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්න බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ

පදිනා කල විත් වැල් ඔංචිල්ලා
අඳිනා වත තද කර ඇදගල්ලා
පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ල‍ා
සොඳිනා ගී කියමින් පැදපල්ලා
නෙළුම් කවි

අතීතයේ සිටි කාන්තාවන් විසින් කුඹුරු වලට බැස වල්
නෙලීම කරනු ලබයි. ඔවුන්ගේ පාලුව ,කාන්සිය ,විඩාව නිවා ගැනීම මෙන්ම විනෝදය උදෙසාද ගායනා කල කවි නෙළුම් කවි වේ.

සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත්දුරු කර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹුරට

උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා


කුරහන් කවි

වී ගොවිතැන ප්‍රධාන කොට ගත් එදා ජන සමාජයේ
ගොවියන්ගේ අමතර දෙවන වගාව වුයේ කුරක්කන් වගාවයි.එම කුරක්කන්
වගා කටයුතු මෙන්ම නෙලීමේදී ඔවුන් විසින් ගායනා කල කවි කුරක්කන්
කවි වේ.




දුරුතු මහේදී කැළයට වැදිලා
මසක් පමණ කල්කැල වල් කොටාලා
මැදින් දිනේදී වල් ගිනි තබාලා
කුරහන් ඉසිමුව කළුවර බලාලා



හේනේ පැලේ ම‍ා විඳිනා සුරුක්කන්
ඌරෝඇවිත් වට පිට කරති සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්
අපොයි මගේ කිරි වදිනා කුරක්කන්

පිණිබර කුරක්කන් කිරි වදිනා වේලේ
ඉණිවැට කඩා එති ඌරෝ රෑ කාලේ
මිණි කිංකිණි හඩ පරයයි උගෙ කාලේ
වැනි වැනි කියා ඇදපන් සී පද කාලේ
ගොයම් කවි

කෙතේ ගොයම් පැසෙන විට සුරපුර සිහියට නැගෙන
ගොවියා ,ඉදිරිපස සුරඟනන්ද මැවී පෙනේ.අස්වනු නෙලීම ,එකතු කීරීම
ආදී කටයුතු වැඩි වශයෙන් ඉටුවන්නේ ගෙවිලියන්ගේ දෑතිනි.කඩිසර ලෙස
ගොයම් නෙළන ගෙවිලියන්ගේ විලාශය සුරඟනන්ද මතකයට ගැනීමට
සමත්ය.තවද,ඔවුන්ගේ විඩාව ,මහන්සිය නිවා ගැනීමටද මෙසෙ‍් කියන
ලද කවි ගොයම් කවි වේ.

වරුණ ඉතා රණ ගිරවියො සේමයි
ගමන ලතා හස දේනුන් සේමයි
බරණ ගොතා රණ මයුරන් සේමයි
කරන කතා බන කිඳුරියෝ සේමයි

උඩින් සිටින හිරු දෙවියෝ සෙවන කරා
බිමින් සිටින මිහිකත දෙවි තලස දරා
වටින් සිටින හැම දෙවියෝ අරක් කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා

වැවේ යන්ට බැරි මැණිකේ වැව බොර වෙනවා
මලේ යන්ට බැරි මැණිකේ රේණු තැලෙනවා

කවි කියලම දැන් මැණිකේ උගුර රිදෙනවා

ගලේ යන්ට බැරි මැණිකේ විලුඹ රිදෙනවා
කවි කියලම දැන් මැණිකේ උගුර රිදෙනවා



ඔරු පාරු කවි

අද කාලයේ මෙන් නොව එදා පුරාණ කාලයේ මිනිසුන්
ගමන් බිමන් ගියේත් ,ගම් නිර්මාණය කරගෙන තිබුනේත් වැව් ,ගංගා
ආශ්‍රිතවය. අද මෙන් වැව් ,ගංගා වලින් එගොඩ මෙගෙ‍ාඩ වීමට පාලම්
නොතිබුණි.ඒනිසා , ඔවුන් ගමන් කලේ ඔරු හා පාරු වලිනි.මේවායින්
ගමන් කරනවිට එම ගමනාන්තය තවත් රසවත් වීමට ,වෙහෙස මහන්සිය,
පාලුව නිවා ගැනීමට කියන ලද කවි ඔරු පාරු කවි ලෙස හැඳින්වේ.

සූරිය උදාවන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු ජලයේ සෙලවිල්ල
ම‍ාරුව බල බලා හිතයට කැරකිල්ල
කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල





ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැළණි ග‍ඟේ ඔරු යනවා බලා වරෙන්
සාදු කාර දී ඔරුවක නැඟී වරෙන්

මාතර ග‍ඟේ ඉන්නා කිඹුලිගේ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා

කරත්ත කවි

ඈත අතීතයේ ගමන් බිමන් යාම සඳහාත් ,වෙළදාම් කිරීම සඳහාත් ,මංගල අවස්ථා වලදීත් , ගමන් කිරීම සඳහා යොදා ගත්තේ
කරත්තයයි.
දුර කතර ගෙවා ගමන් යන ගැමියන්ගේ වෙහෙස මහන්සිය
හා කාන්සිය නිවා ගත්තේ කවි කීමෙනි.මෙසේ කවි කියමින් යන විට දුර
නොදැනීම ගෙවී යයි.එමෙන්ම සිතට සතුටක්ද දැනේ.මෙසේ කරත්ත වලින්
ගමන් යාමේදී කියන ලද කවි කරත්ත කවි වේ.





කන්නේ කටට රස හින්දයි බුලත් මම
බොන්නේ සුරුට්ටුව සීතල යන්න තම
කන්නේ රෑ කඩෙන් නැවතී අලුත් ගම
යන්නේ වන්දනාවේ අපි කතර ගම

කලුගල් තලාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර ගෙවෙන්නේ
ගොනා දුකිනි බරබාගය අදින්නේ
කිරි ගල් පොත්ත කන්දයි මේ අදින්නේ

අම්බලං පෝරු පිට සිටිනා ලදුනේ
රංසලං ලෙසට ගෝමර පිට දිලුනේ
මංබොලං එහෙම දේකට නැත අගුනේ
රංදොඹෙං පිටත් වෙනකොට හඳ මුදුනේ


පතල් කවි

ජීවත් වීම සඳහා මහ පොළව සමඟ සටන්කල ගොවියා මෙන්ම මහ
පොළවේ තිබෙන සම්පත් ගොඩ ගැනීම සඳහා වෙහෙසෙන පතල් කරුවාද



මහ පොළව සමඟ කරන්නේ ගොවියකුටද නොදෙවෙනි සටනකි.

දවස උදාවත්ම වැඩ අරඹා අඩි සිය ගණන් ගැඹුරැති පතුල් තුලට
බහින පතල් කරුවා ඉන් ගොඩ එන්නේ දින කීපයකට පසුවය.පතුල තුලදී
ඔහුට දැනෙන විඩාව ,කාන්සිය ,පාලුව ,බිය අපමණය.එවිට ඔහුගේ තනි ‍
නොතනියට වූයේ කවියක් පමණි.එහෙයින් මේ සියලු දුක් වේදනා අමතක
කර දමයි.මෙසේ කියන ලද කවි පතල් කවි වේ.

ඉන්නෙත් දුම්බරයි මහ කලු ගලක් යට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොරදියයි පූරුවේ කල පවට
යන්නේ කවදාද මවුපියෝ දකින් නට

දුම්බර කන්ද පාමුල මිනිරන් පතලේ
බැසලා බඹ තිහක් කලු ගල සිදුරු කලේ
බස්නාහිරට දෝනා දෙක ගමන් කලේ
විස්තර කියමි දුම්බර මිනිරන් පතලේ

දබරේ කරකවා අත් දෙක වෙව්ලනවා
නිතරම ඇවිත් ලෝඩර් දත්මිටි කනවා
වතුර ඇදලා අත්වල කරගැට එනවා
මිතුර පතලෙ දුටුවම මගෙ බඩ දනවා
පැල් කවි

මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුය යන කියමන එදා
සිට අද දක්වාම ජන වහරේ පැවතෙන්නකි.එදා ගොවියා දෙවියන් ලෙස
හැඳින්වු යුගයේ ජන කවියේ උපත සිදු විය.
එදා ගොවියා දිවා රෑ වෙහෙස මහන්සි වී හේනේ කුඹුරේ වැඩ
කරමින් මුලු මහත් ජාතියටම බත සපයමින් රට සහලින් ස්වයංපෝෂිත
කිරීමට සමත් විය.රැ බෝවීගෙන එනවිට හේනේ ,කුඹුරේ පැල් රකින්නට
යන ගොවියා තම පැලේදී පාලුව හා කාන්සිය මඟ හරවා ගැනීමටත් ,තම
බෝග වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමටත් තම නිදහස් සිතුවිලි,ගී පද
ගොනු කර රිද්මයකට අනුව හඬ නඟා තම පැලේ සිට කියන ලද කවි
පැල් කවි නම් වේ.

ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා දමන්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ
දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ

කන්දේ ගලේ වී වැපුරුවේ මනාවයි
ඒක කන්ට කක්කුට්ටන් දෙබානයි
රන් එතනා හිස පීරන පනාවයි
බට්ටිච්චිගේ ගී ඇසුවම හිනාවයි

වෙල හොඳ මොකද යල මහ පාලුවේ නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකද අතු අග පරවී යා නම්
ලිය හෙ‍ාඳ මොකද පතිදම් නොරකිනවා නම්

ශ්‍රී ලංකාවේ ජන ගී වර්ගීකරණය හා ජන කවියේ සුන්දරත්වය.

ජන ගී වර්ගීකරණය

සාමාන්‍ය පොදු ජනතාව විසින් ඔවුන්ගේ ඕනෑ එපාකම් හා ඔවුන්ගේ
සිතුම් පැතුම් අනුව ඔවුන්ටම රස විඳිය හැකිවන පරිදි ඔවුන් අතින් නිර්මාණය
කර ගත්තා වූ ගීත ,ජන ගී යනුවෙන් හැඳින්වේ.
මෙහිදී, ජාතියකට උරුම වූ, ඈත අතීතයේ සිට පැවත ගෙන
එන ආදී වාසීන්ගේ සංස්කෘතික ලක්ෂණ , සාරධර්ම, සදාචාරය, දේශගුණය
සහ ඔවුන්ගේ ජීවන රටාව ,ආගම යන කරුණුද භාෂාමය ලක්ෂණයන්ද ජන
ගී නිර්මාණයට හේතු සාධක වී ඇත.ඒ අනුව ,ජන ගීත ප්‍රධාන කොටස් 2 කට
බෙදේ.එනම් ,

v ගැමි ගී
v සේ ගී

ගැමි ගී නිර්මාණයට පදනම් වූ සාධක

Ø ගැමියාගේ ජීවන වෘත්තිය
Ø ඇදහිලි හා විශ්වාස
Ø ගැමි විනෝදාස්වාදය හා සමාජීය අවශ්‍යතා

මෙම සාධක අනුව ගැමි ගී තවත් අනු කොටස් 3 කට බෙදේ.ඒවානම්,
· මෙහෙ ගී
· යාග ගී
· සමාජීය ගී










ජන ගී



ගැමි ගී (ගැමි ජනතාව විසින් නිර්මාණය - සේ ගී
- කල ) ( උගතුන් විසින් නිර්මාණය -
-කල )


මෙහෙ ගී යාග ගී සමාජීය ගී
(යම්කිසි මෙහෙයක - (ඇදහිලි හා- (සමාජීය අව - ප්‍රශස්ති
‍ - යෙදෙමින් ) -විශ්වාස ) -ශ්‍යතා මත ) වන්නම්
පැල් ගී හටන් ගී
ගැල් ගී යාග ගී ඔළිඳ කෙලිය විරහ ගී
පතල් ගී ශාන්ති කර්ම ලී කෙලිය වැළපුම් ගී
පාරු ගී තුන් සරණ ඔන්චිලි වාරම් ගී සන්දේශ-
දැල් ගී කළ ගෙඩි -කාව්‍යය
ගොයම් ගී කුළු
නෙලුම් ගී මේවර කෙලිය
කුරක්කන් ගී එළුවන් කෑම
බමර කැපීමේ ගී හවරි හැංගීම
පනාව හැංගීම
අං කෙලිය
පෙ‍ාරපොල් කෙලිය
දරු නැළවිලි ගී










ගැමි ගී
ගැමි ජනතාව විසින් එදිනෙදා ජීවිතයෙහි රැකියාවේ අවශ්‍යතාවය
මත පාලුව ,කාන්සිය ,විඩාව ,තනිකම මඟ හරවා ගැනීම සඳහා ඔවුන් ලැබු
ජීවන අත්දැකීම් පදනම් කරගෙන සකස් කරගත් ගී , ගැමි ගී වේ.
ගැමි ගී නිර්මාණය කරන ලද පිරිස උගත්කමක් ලැබු
පිරිසක් නොවු බැවින් පොත පතෙහි ලියා තබමින් සකස් කල නොහැකිනිසා,
ඒවා මුඛ පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන ඇත.

සේ ගී
ජන සංගීතයේ එන ප්‍රධාන කොටස් 2 න්1කි. සේ ගී යනු උගතුන්
විසින් රචනා කරන ලද ගීත විශේෂයකි.මේවා නිර්මාණය වී ඇත්තේ රස
වින්දනය සඳහාම පමණි. රස වින්දනය පිණිස උගතුන් විසින්ම පොත්පත්හි
රචනා කරන ලද සේ ගි බොහොමයක් ජන සංගීතයේ ඇත.සේ යනු ග්‍රේක
යන සංස්කෘත වචනයෙන් බිඳී ආවකි. සේ ගී සාමාන්‍ය පොදු ජනතාවට වඩා
උගත් ජනයාට රස විඳිය හැකි පරිදි ඔවුන් විසින්ම සිය පාණ්ඩිත්‍ය ව්ඳහා දැක්-
-වීමට ඔවුන්ගේම ජීවන අත්දැකීම් මුල් කොටගෙන සහ පාලකයින් සඳහා
වු ගැටලු මුලික කොටගෙන සකස් කර ගත්තා වූ එම උගතුන්ගේ රස වින්ද-
-නයට සීමා වූ ගී වේ.


ජන කවියේ සුන්දරත්වය

එදිනෙදා ජීවිතයෙහි පවතින සොම්නස , දොම්නස , දුක් කම්කටොලු ,කාන්සිය හා විඩාව මඟ හරවා ගැනීම උදෙසා රසවත් පදවැල්
ගෙතීමට ගැමි ජනයෝ පුරුදුව සිටියහ.ගැමි ජනතාවගේ නිර්මාණ ශක්තිය
මනාව පෙන්නුම් කිරීම සඳහ‍ා ඔවුන්ගේ මුවඟින් නිරායාසයෙන් ගලා ආ
මෙම ජන කවිය නැමති සාහිත්‍යාංගය ප්‍රභල සාක්ෂියකි.

ගැමි ජනයා හේනේ පැලේ රකිනවිට ආදී වශයෙන් එක්
එක් අවස්ථාවන්හිදී තමන්ගේ පාලුව ,මහන්සිය , විඩාව ,දුක් වේදනාව



මඟ හරවා ගැනීම සඳහා ගායනා කරනලද ඒවා පසුව ජන කවි නමින්
ප්‍රකට විය,
ජන කවි වර්ග ගණනාවකි.එනම් ,පැල් කවි , නෙලුම් කවි ,පාරු කවි ,
කරත්ත කවි ,පතල් කවි ,කමත් කවි ,කෙලි සෙල්ලම් කවි ,පෙම් කවි හ‍ා
විරහ කවි ආදී වශයෙනි.
ගැමි ජනයාගේ දුක් දොම්නස මෙන්ම සතුට සොම්නසද ජන කවියේ
ගැබ්ව තිබේ.එනිසා,ජන කවි ඉතාමත් රසවත් මෙන්ම සුන්දර අව්‍යාජ සාහි-
-ත්‍යයක් සේ සැලකීමට අපට අවකාශ ලැ‍ෙබ්.ජන කවියේ රසවත් බව වඩා
තීව්‍ර වනුයේ ඒ සඳහා යොදාගත් බස් වහර නිසාය.ඉතාමත් ගැමි බස් වහරක්
යොදා ගැනීම නිසා එය ඉතාමත් පහසුවෙන් කියවා රස විඳිය හැකිව තිබේ.
මෙම ජන කවි ගායනා කිරීමේදී රසික සිත්තුල චිත්ත රූප මැවී පෙනේ.
නිදසුනක් ලෙස ,

කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ
අපිත් කිරට හඬනා ළමයින් අම්මේ
අනුන් බත් බඩ නොපිරෙයි අම්මේ
ඈත සිටන් මට අඬ ගහපන් අම්මේ

යන කවිය ගායනා කිරීමේදී රසික සිත් තුල දුකක් හට ගැනේ.
අම්මා නැති දුකට ළමයකුගේ මුවින් ගිලිහුනු මේ කවිය ඉතාමත් දුක් සහිතය.
මවු සෙනෙහස අහිමි දරුවකුගේ වේදනාව මෙයින් මැනවින් පිළිබිඹු වේ.
එහෙයින් ළමයා තමාට අහිමි වූ මවු සෙනෙහස නැමති ගිනි නිවීමට අන්
කිසිවකුටත් නොහැකි බව හඬගා කියයි.
මනුෂ්‍ය සමාජයේ නිතැතින්ම බිහිවුවක් ලෙස ජන කවි හැඳින්විය
හැකිය.කෘෂිකර්මය ,පතල් කර්මාන්තය ,පැල් රැකීම , ගැල් පැදීම හා
පාරු පැදීම වැනි රැකියාවන්හි නිරත වන නූගත් ගැමියන් අතරින් පැන
නැඟුන හැගීම් වලින් පෝෂිත වු ජන කවියෙහි වැදගත් ලක්ෂණයක් වනුයේ
කතුවරයකු දැකිය නොහැකි වීමයි.ජීවන සුවඳ වහනය වන පද්‍ය විශේෂයක්
ලෙස සැලකිය හැකි ජන කවිය තුල පෙනෙන්නට ඇති සුවිශේෂ ලක්ෂණය
වනුයේ අව්‍යාජත්වයයි.