Sunday, November 8, 2009

පැල් කවි

මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුය යන කියමන එදා
සිට අද දක්වාම ජන වහරේ පැවතෙන්නකි.එදා ගොවියා දෙවියන් ලෙස
හැඳින්වු යුගයේ ජන කවියේ උපත සිදු විය.
එදා ගොවියා දිවා රෑ වෙහෙස මහන්සි වී හේනේ කුඹුරේ වැඩ
කරමින් මුලු මහත් ජාතියටම බත සපයමින් රට සහලින් ස්වයංපෝෂිත
කිරීමට සමත් විය.රැ බෝවීගෙන එනවිට හේනේ ,කුඹුරේ පැල් රකින්නට
යන ගොවියා තම පැලේදී පාලුව හා කාන්සිය මඟ හරවා ගැනීමටත් ,තම
බෝග වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමටත් තම නිදහස් සිතුවිලි,ගී පද
ගොනු කර රිද්මයකට අනුව හඬ නඟා තම පැලේ සිට කියන ලද කවි
පැල් කවි නම් වේ.

ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා දමන්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ
දුප්පත්කම නිසයි මා පැල් රකින්නේ

කන්දේ ගලේ වී වැපුරුවේ මනාවයි
ඒක කන්ට කක්කුට්ටන් දෙබානයි
රන් එතනා හිස පීරන පනාවයි
බට්ටිච්චිගේ ගී ඇසුවම හිනාවයි

වෙල හොඳ මොකද යල මහ පාලුවේ නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකද අතු අග පරවී යා නම්
ලිය හෙ‍ාඳ මොකද පතිදම් නොරකිනවා නම්

No comments:

Post a Comment