Sunday, November 8, 2009

ශ්‍රී ලංකාවේ ජන ගී වර්ගීකරණය හා ජන කවියේ සුන්දරත්වය.

ජන ගී වර්ගීකරණය

සාමාන්‍ය පොදු ජනතාව විසින් ඔවුන්ගේ ඕනෑ එපාකම් හා ඔවුන්ගේ
සිතුම් පැතුම් අනුව ඔවුන්ටම රස විඳිය හැකිවන පරිදි ඔවුන් අතින් නිර්මාණය
කර ගත්තා වූ ගීත ,ජන ගී යනුවෙන් හැඳින්වේ.
මෙහිදී, ජාතියකට උරුම වූ, ඈත අතීතයේ සිට පැවත ගෙන
එන ආදී වාසීන්ගේ සංස්කෘතික ලක්ෂණ , සාරධර්ම, සදාචාරය, දේශගුණය
සහ ඔවුන්ගේ ජීවන රටාව ,ආගම යන කරුණුද භාෂාමය ලක්ෂණයන්ද ජන
ගී නිර්මාණයට හේතු සාධක වී ඇත.ඒ අනුව ,ජන ගීත ප්‍රධාන කොටස් 2 කට
බෙදේ.එනම් ,

v ගැමි ගී
v සේ ගී

ගැමි ගී නිර්මාණයට පදනම් වූ සාධක

Ø ගැමියාගේ ජීවන වෘත්තිය
Ø ඇදහිලි හා විශ්වාස
Ø ගැමි විනෝදාස්වාදය හා සමාජීය අවශ්‍යතා

මෙම සාධක අනුව ගැමි ගී තවත් අනු කොටස් 3 කට බෙදේ.ඒවානම්,
· මෙහෙ ගී
· යාග ගී
· සමාජීය ගී










ජන ගී



ගැමි ගී (ගැමි ජනතාව විසින් නිර්මාණය - සේ ගී
- කල ) ( උගතුන් විසින් නිර්මාණය -
-කල )


මෙහෙ ගී යාග ගී සමාජීය ගී
(යම්කිසි මෙහෙයක - (ඇදහිලි හා- (සමාජීය අව - ප්‍රශස්ති
‍ - යෙදෙමින් ) -විශ්වාස ) -ශ්‍යතා මත ) වන්නම්
පැල් ගී හටන් ගී
ගැල් ගී යාග ගී ඔළිඳ කෙලිය විරහ ගී
පතල් ගී ශාන්ති කර්ම ලී කෙලිය වැළපුම් ගී
පාරු ගී තුන් සරණ ඔන්චිලි වාරම් ගී සන්දේශ-
දැල් ගී කළ ගෙඩි -කාව්‍යය
ගොයම් ගී කුළු
නෙලුම් ගී මේවර කෙලිය
කුරක්කන් ගී එළුවන් කෑම
බමර කැපීමේ ගී හවරි හැංගීම
පනාව හැංගීම
අං කෙලිය
පෙ‍ාරපොල් කෙලිය
දරු නැළවිලි ගී










ගැමි ගී
ගැමි ජනතාව විසින් එදිනෙදා ජීවිතයෙහි රැකියාවේ අවශ්‍යතාවය
මත පාලුව ,කාන්සිය ,විඩාව ,තනිකම මඟ හරවා ගැනීම සඳහා ඔවුන් ලැබු
ජීවන අත්දැකීම් පදනම් කරගෙන සකස් කරගත් ගී , ගැමි ගී වේ.
ගැමි ගී නිර්මාණය කරන ලද පිරිස උගත්කමක් ලැබු
පිරිසක් නොවු බැවින් පොත පතෙහි ලියා තබමින් සකස් කල නොහැකිනිසා,
ඒවා මුඛ පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන ඇත.

සේ ගී
ජන සංගීතයේ එන ප්‍රධාන කොටස් 2 න්1කි. සේ ගී යනු උගතුන්
විසින් රචනා කරන ලද ගීත විශේෂයකි.මේවා නිර්මාණය වී ඇත්තේ රස
වින්දනය සඳහාම පමණි. රස වින්දනය පිණිස උගතුන් විසින්ම පොත්පත්හි
රචනා කරන ලද සේ ගි බොහොමයක් ජන සංගීතයේ ඇත.සේ යනු ග්‍රේක
යන සංස්කෘත වචනයෙන් බිඳී ආවකි. සේ ගී සාමාන්‍ය පොදු ජනතාවට වඩා
උගත් ජනයාට රස විඳිය හැකි පරිදි ඔවුන් විසින්ම සිය පාණ්ඩිත්‍ය ව්ඳහා දැක්-
-වීමට ඔවුන්ගේම ජීවන අත්දැකීම් මුල් කොටගෙන සහ පාලකයින් සඳහා
වු ගැටලු මුලික කොටගෙන සකස් කර ගත්තා වූ එම උගතුන්ගේ රස වින්ද-
-නයට සීමා වූ ගී වේ.


ජන කවියේ සුන්දරත්වය

එදිනෙදා ජීවිතයෙහි පවතින සොම්නස , දොම්නස , දුක් කම්කටොලු ,කාන්සිය හා විඩාව මඟ හරවා ගැනීම උදෙසා රසවත් පදවැල්
ගෙතීමට ගැමි ජනයෝ පුරුදුව සිටියහ.ගැමි ජනතාවගේ නිර්මාණ ශක්තිය
මනාව පෙන්නුම් කිරීම සඳහ‍ා ඔවුන්ගේ මුවඟින් නිරායාසයෙන් ගලා ආ
මෙම ජන කවිය නැමති සාහිත්‍යාංගය ප්‍රභල සාක්ෂියකි.

ගැමි ජනයා හේනේ පැලේ රකිනවිට ආදී වශයෙන් එක්
එක් අවස්ථාවන්හිදී තමන්ගේ පාලුව ,මහන්සිය , විඩාව ,දුක් වේදනාව



මඟ හරවා ගැනීම සඳහා ගායනා කරනලද ඒවා පසුව ජන කවි නමින්
ප්‍රකට විය,
ජන කවි වර්ග ගණනාවකි.එනම් ,පැල් කවි , නෙලුම් කවි ,පාරු කවි ,
කරත්ත කවි ,පතල් කවි ,කමත් කවි ,කෙලි සෙල්ලම් කවි ,පෙම් කවි හ‍ා
විරහ කවි ආදී වශයෙනි.
ගැමි ජනයාගේ දුක් දොම්නස මෙන්ම සතුට සොම්නසද ජන කවියේ
ගැබ්ව තිබේ.එනිසා,ජන කවි ඉතාමත් රසවත් මෙන්ම සුන්දර අව්‍යාජ සාහි-
-ත්‍යයක් සේ සැලකීමට අපට අවකාශ ලැ‍ෙබ්.ජන කවියේ රසවත් බව වඩා
තීව්‍ර වනුයේ ඒ සඳහා යොදාගත් බස් වහර නිසාය.ඉතාමත් ගැමි බස් වහරක්
යොදා ගැනීම නිසා එය ඉතාමත් පහසුවෙන් කියවා රස විඳිය හැකිව තිබේ.
මෙම ජන කවි ගායනා කිරීමේදී රසික සිත්තුල චිත්ත රූප මැවී පෙනේ.
නිදසුනක් ලෙස ,

කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ
අපිත් කිරට හඬනා ළමයින් අම්මේ
අනුන් බත් බඩ නොපිරෙයි අම්මේ
ඈත සිටන් මට අඬ ගහපන් අම්මේ

යන කවිය ගායනා කිරීමේදී රසික සිත් තුල දුකක් හට ගැනේ.
අම්මා නැති දුකට ළමයකුගේ මුවින් ගිලිහුනු මේ කවිය ඉතාමත් දුක් සහිතය.
මවු සෙනෙහස අහිමි දරුවකුගේ වේදනාව මෙයින් මැනවින් පිළිබිඹු වේ.
එහෙයින් ළමයා තමාට අහිමි වූ මවු සෙනෙහස නැමති ගිනි නිවීමට අන්
කිසිවකුටත් නොහැකි බව හඬගා කියයි.
මනුෂ්‍ය සමාජයේ නිතැතින්ම බිහිවුවක් ලෙස ජන කවි හැඳින්විය
හැකිය.කෘෂිකර්මය ,පතල් කර්මාන්තය ,පැල් රැකීම , ගැල් පැදීම හා
පාරු පැදීම වැනි රැකියාවන්හි නිරත වන නූගත් ගැමියන් අතරින් පැන
නැඟුන හැගීම් වලින් පෝෂිත වු ජන කවියෙහි වැදගත් ලක්ෂණයක් වනුයේ
කතුවරයකු දැකිය නොහැකි වීමයි.ජීවන සුවඳ වහනය වන පද්‍ය විශේෂයක්
ලෙස සැලකිය හැකි ජන කවිය තුල පෙනෙන්නට ඇති සුවිශේෂ ලක්ෂණය
වනුයේ අව්‍යාජත්වයයි.



4 comments: