Sunday, November 8, 2009

නෙළුම් කවි

අතීතයේ සිටි කාන්තාවන් විසින් කුඹුරු වලට බැස වල්
නෙලීම කරනු ලබයි. ඔවුන්ගේ පාලුව ,කාන්සිය ,විඩාව නිවා ගැනීම මෙන්ම විනෝදය උදෙසාද ගායනා කල කවි නෙළුම් කවි වේ.

සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත්දුරු කර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹුරට

උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා


කුරහන් කවි

වී ගොවිතැන ප්‍රධාන කොට ගත් එදා ජන සමාජයේ
ගොවියන්ගේ අමතර දෙවන වගාව වුයේ කුරක්කන් වගාවයි.එම කුරක්කන්
වගා කටයුතු මෙන්ම නෙලීමේදී ඔවුන් විසින් ගායනා කල කවි කුරක්කන්
කවි වේ.




දුරුතු මහේදී කැළයට වැදිලා
මසක් පමණ කල්කැල වල් කොටාලා
මැදින් දිනේදී වල් ගිනි තබාලා
කුරහන් ඉසිමුව කළුවර බලාලා



හේනේ පැලේ ම‍ා විඳිනා සුරුක්කන්
ඌරෝඇවිත් වට පිට කරති සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්
අපොයි මගේ කිරි වදිනා කුරක්කන්

පිණිබර කුරක්කන් කිරි වදිනා වේලේ
ඉණිවැට කඩා එති ඌරෝ රෑ කාලේ
මිණි කිංකිණි හඩ පරයයි උගෙ කාලේ
වැනි වැනි කියා ඇදපන් සී පද කාලේ

No comments:

Post a Comment